Spread the love

නිමල් රාජපක්ෂ

නාගරික සංවර්ධන අධිකාරියේ නව සභාපතිවරයා ලෙස සංවර්ධන විශේෂඥ එම්. ජී. හේමචන්ද්‍ර මහතා පසුගිය 20 වන දින නාගරික සංවර්ධන අධිකාරියේ දී වැඩ භාර ගත්තේය..! එම අවස්ථාවට නාගරික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය එරංග ගුණසේකර මහතා ඇතුලු නිළධාරීන් පිරිසක්ද එක්ව සිටියහ…!

ශ්‍රී ලංකාවේ ජපාන ජාත්‍යන්තර සහයෝගීතා ඒජන්සියේ ජ්‍යෙෂ්ඨ විශේෂඥයෙකු සහ ණය ව්‍යාපෘති ප්‍රධානියෙකු ලෙස කටයුතු කල ඇති ඔහු සංවර්ධන ව්‍යාපෘති විශ්ලේෂණය, සූත්‍රගත කිරීම, ආර්ථික සංවර්ධන වැඩසටහන් සැලසුම් කිරීම සහ ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමෙහි සුවිශේෂී අත්දැකීම් හේමචන්ද්‍ර මහතා සතු වීම විශේෂත්වයකි …!

ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලයේත්, මධ්‍යම ඉංජිනේරු උපදේශන කාර්යාංශයේත් සේවය කළ ඔහු, වර්තමානයේ ශ්‍රී ලංකා ඉංජිනේරු ආයතනයේ උප සභාපති ධුරයක් දරමින් කටයුතු කරමින් සිටී…! යටිතල පහසුකම් කළමනාකරණය සහ සිවිල් ඉංජිනේරු විද්‍යාව සම්බන්ධ උපාධි දෙකක් හිමි හේමචන්ද්‍ර මහතා අත්දැකීම්, දැනුම සහ විශේෂඥභාවය භාවිතයෙන් ශ්‍රී ලංකාවේ නාගරික සංවර්ධන ක්ෂේත්‍රයට සුවිශේෂී මෙහෙවරක් සිදු කරනු ඇතැයි අපේක්ෂා කරන්නෙමු !