නිමල් රාජපක්ෂ-
මරදාන විදුලි බලවේග ධාවනාගාරයේ දුම්රිය එන්ජින් රියදුරු වරුන් අද දින සිය උපයාගත් අතිකාල දීමනා කප්පාදු කිරීම, නියමිත උසස්වීම් ලබා නොදීම හා අවිධිමත් ලෙස සේවා වාර ධාවනාගාර අතර මාරු කිර්‍රමට විරෝධය පල කරමින් අසනිප නිවාඩු දමා අද උදෑසන සංඛේත වර්ජනයක් දියත් කර තිබේ.
මේ හේතුව නිසා හෙට උදැසන වන විට දුම්රිය ගමන් වාර 72 කට ආසන්න සංඛ්‍යාවක් අවලංගු වීමට නියමිත වන බව දුම්රිය ස්ථානාධිපති සංගමයේ සභාපති සුමේධ සෝමරත්න මහතා පවසයි. .
දුම්රිය නගා සිටුවීමේ සන්ධාන කැදවුම්කරු ඉන්ධික දොඩන්ගොඩ මහතා පැවසුවේ ධාවනාගාර සේවක වෘත්තිය සමිති ක්‍රියාමාර්ගයක් හේතුවෙන් අද (24) උදෑසන ධාවනයට නියමිත කාර්යාල දුම්රිය 10 ක් අවලංගු කර ඇති බවයි.
🚆දුම්රිය අංක 3801 – පෙ.ව.04/20 හලාවත – මොරටුව , 🚆දුම්රිය අංක 8302 – පෙ.ව.03/10 අලුත්ගම- අඹේපුස්ස ,🚆දුම්රිය අංක 8342 – පෙ.ව.07/05 අලුත්ගම මරදාන ,🚆දුම්රිය අංක 4856 – පෙ.ව.03/55 ගනේවත්ත – පානදුර ,🚆දුම්රිය අංක 1525 – පෙ.ව.06/30 මීරිගම – කොළඹ කොටුව ,🚆දුම්රිය අංක 1526 – පෙ.ව. 06/22 පොල්ගහවෙල – මොරටුව,🚆දුම්රිය අංක 1527 – පෙ.ව.04/50 රඹුක්කන – මොරටුව,🚆දුම්රිය අංක 1528 – පෙ.ව.05/20 පොල්ගහවෙල – කොළඹ කොටුව ,🚆දුම්රිය අංක 9650 – පෙ.ව. 07/10 පාදුක්ක – කොළඹ කොටුව ,🚆 දුම්රිය අංක 9652 – පෙ.ව.06/05 කොස්ගම – කොළඹ කොටුව යන දුම්රියයන් අවලංගු වු බවයි.