Spread the love

කැබිනට් සංශෝධනයක් ප්‍රකාශයට පත් කරනතුරු කිසිවකු එය දැන නොසිටි බව කෘෂිකර්ම අමාත්‍ය කේ.ඩී. ලාල් කාන්ත මහතා සඳහන් කරයි.

ආණ්ඩුව ඇතුලේ කිසිදු අර්බුදයක් නැති බව බවත් ආණ්ඩුව ඇතුලේ හොඳ අපූරුවට පවතින බවත් ඉන්න හොඳින් පැහැදිලි වන බවත් හෙතෙම පැවසීය.

පක්ෂය තුළ අර්බුද තියෙනවා නම් ඒවා පිටට යන බවද අමාත්‍යවරයා සඳහන් කළේය.

ඉඩම් හා වාරිමාර්ග නියෝජ්‍ය අමාත්‍ය අරවින්ද සෙනරත් මහතා එම ධුරයේ වැඩ භාර ගැනීමේ අවස්ථාවට එක්වෙමින් ඔහු මේ බව පැවසුවේය.