Spread the love

එක්සත් ජාතික පක්ෂය සහ සමගි ජන බලවේගය එක පක්ෂයක් ලෙස එකට එක් වී කටයුතු කිරිමට ආරම්භ කර ඇති සාකච්ඡා සාර්ථක කර ගැනීමට සියලු දෙනා එකට එක් වී කටයුතු කල යුතු බව කදුරට ජනතා පෙරමුණේ නායක සහ දමිළ ප්‍රගතිශීලි සංධානයේ නියෝජ්‍ය නායක පා.ම. වී. රාධාක්‍රිෂ්ණන් මහතා පැවසිය.

රාධා ක්‍රිෂ්ණන් මහතා ඒ බැව් (12) දින කියා සිටියේ හැටන් නගරයේ පිහිටි එම පක්ෂ කාර්යාලයේ පැවති රැස්වීමකින් අනතුරුව මාධ්‍යට අදහස් දක්වමිනි.

මෙහිදි වැඩිදුරටත් අදහස් දැක්වූ වි. රාධාක්‍රිෂ්ණන් මහතා කියා සිටියේ එක්සත් ජාතික පක්ෂය සහ සමගි ජන බලවේගය පසුගිය ජනාධිපති සහ පාර්ලිමේන්තු මැතිවරණයේදි වෙන් වෙන්ව කටයුතු කිරිම නිසා පක්ෂ දෙකම පරාජය වු බවයි ඉදිරියෙදි පැවැත්වෙන මැතිවරණ වලදී පක්ෂ දෙකම එකට එක් වී කටයුතු කිරිම හමුවේ බලය ලබා ගැනිමට කටයුතු කල හැක් බවද රාධා ක්‍රිෂ්ණන් මන්ත්‍රිවරයා පැවසිය.

වතුකරයේ ජනතාව සිටින්නේ සමගි ජන බලවේගය සහ එක්සත් ජාතික පක්ෂය වටා බවත්, එම පක්ෂ දෙක වතුකරයේ ජනතාවගේ සුභසාධන කටයුතු ඉහළ නැංවීමට කටයුතු කල බවද රාධා ක්‍රිෂ්ණන් මහතා කියා සිටියි.

පක්ෂ දෙක එකට එකතු වී කටයුතු කිරිම හමුවේ වත්මන් රජයේ ඇතැම් ක්‍රියා කලාපයන්ට විරුද්ධව හඩක් නැගිය හැකි බවත්, පක්ෂයේ නායකයා කවුරුන්ද යන්න ප්‍රශ්ණයක් නොකරගෙන එම පක්ෂ දෙකම එකට එක් වී කටයුතු කිරිමට පැවැත්වෙන සාකච්ඡා සාර්ථක කර ගැනිමට දමිළ ප්‍රගතිශීලි සංධානයේ පුර්ණ සහයෝගය ලබා දෙන බවද වී.රාධාක්‍රිෂ්ණන් මහතා වැඩිදුරටත් පැවසිය.