Spread the love

මෙවර අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයට අදාළ උපකාරක පන්ති, දේශන හා සම්මන්ත්‍රණ පැවැත්වීම ලබන 19 වනදා මධ්‍යම රාත්‍රියෙන් පසු විභාගය අවසන් වනතුරුම තහනම් බව විභාග දෙපාර්තමේන්තුව පවසයි.

නොවැම්බර් මස 25 වැනිදා ආරම්භ වීමට නියමිත මෙවර අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය දෙසැම්බර් මස 20 වැනිදා දක්වා පැවැත්වීමට නියමිතව තිබේ.

මේ අතර මතභේදයට තුඩු දුන් මෙවර 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ පිළිතුරු පත්‍ර ඇගයිම් කටයුතු සම්බන්ධයෙන් ලබන සතිය වන විට අවසන් තීරණයක් ගැනීමට නියමිත බව අධ්‍යාපන අමාත්‍යංශය පවසයි.

එහි ලේකම් තිලකා ජයසුන්දර මහත්මිය සඳහන් කළේ උසස් පෙළ විභාගය අවසන් වීමට පෙර අදාළ පිළිතුරු පත්‍ර ඇගයීම් කටයුතු ආරම්භ කිරීමට කටයුතු කරන බවය