නිමල් රාජපක්ෂ-
ශ්‍රී ලංකාවේ සංචාරක, සංස්කෘතික හා විනෝදාස්වාද ක්ෂේත්‍රයට නව අත්දැකීමක් එක් කරමින් 2026 ඩෙරානා කොළඹ ජාත්‍යන්තර සරුංගල් සැණකෙළිය මෙවර වඩාත් උත්කර්ෂවත් අන්දමින් පැවැත්වීමට කටයුතු යොදා තිබේ.
පසුගිය වසරේ පැවති සැණකෙළිය විශාල සාර්ථකත්වයක් අත්කර ගත් අතර, ජාත්‍යන්තර රූපවාහිනී, ගුවන්විදුලි සහ අන්තර්ජාල මාධ්‍ය ආයතන 36ක පමණ අවධානය දිනා ගැනීමට සමත් විය. ලොව පුරා පැවැත්වෙන ප්‍රධාන ජාත්‍යන්තර සරුංගල් උත්සව 62ක් අතරින් 2025 ඩෙරානා කොළඹ ජාත්‍යන්තර සරුංගල් සැණකෙළිය 9 වැනි ස්ථානයට පත්ව තිබීමද විශේෂත්වයකි.
එමෙන්ම, 2026 ICC කාන්තා ක්‍රිකට් ලෝක කුසලාන මාර්ගෝපදේශය සඳහා කොළඹ ජාත්‍යන්තර සරුංගල් සැණකෙළියේ ඡායාරූපයක් භාවිත කර තිබීමද ශ්‍රී ලංකාව ජාත්‍යන්තරයට හඳුන්වාදීමේ වැදගත් අවස්ථාවක් වී ඇත.
මෙවර සැණකෙළිය සඳහා රටවල් 30කින් ජාත්‍යන්තර සරුංගල් ශිල්පීන් 80 දෙනෙකුට ආරාධනා කර ඇති අතර, ශ්‍රී ලංකාවේ සරුංගල් ශිල්පීන් 1,500කට අධික පිරිසක්ද සහභාගී වීමට නියමිතය. එක් දිනක උත්සවයක් ලෙස ආරම්භ වූ මෙම වැඩසටහන මේ වනවිට සතියක් පුරා පැවැත්වෙන සංස්කෘතික හා අධ්‍යාපනික වැඩසටහනක් බවට පත්ව තිබේ.
මෙවර විශේෂ අංගයක් ලෙස වයස අවුරුදු 8ත් 15ත් අතර දරුවන් වෙනුවෙන් සරුංගල් නිර්මාණය හා පියාසර කිරීම පිළිබඳ වැඩමුළු පැවැත්විණි. ඕස්ට්‍රේලියාව, ප්‍රංශය සහ චීනය යන රටවල ප්‍රවීණ සරුංගල් ශිල්පීන්ගේ සහභාගීත්වයෙන් පැවති එම වැඩමුළුවලට දරුවන් 630කට අධික පිරිසක් සහභාගී වී ඇත. ඩිජිටල් උපකරණ හා ස්මාර්ට් ජංගම දුරකථන කෙරෙහි දරුවන්ගේ වැඩිවන අවධානය වෙනුවට නිර්මාණශීලීත්වය, කණ්ඩායම් ක්‍රියාකාරකම් සහ ප්‍රායෝගික ඉගෙනුම වර්ධනය කිරීම මෙහි අරමුණ වී තිබේ.
මෙවර උත්සවයේ සංස්කෘතික තේමාව ලෙස මහනුවර ඇසළ පෙරහර තෝරාගෙන ඇති අතර, ජාත්‍යන්තර සහභාගීකරුවන් ශ්‍රී දළදා මාලිගාව වෙතද සංචාරය කිරීමට නියමිතය.
සැණකෙළියේ වැඩසටහන් මාලාව යටතේ ජාත්‍යන්තර නියෝජිතයන්ගේ සහභාගීත්වයෙන් නිල සමාරම්භක උත්සවයක්ද, දේශීය හා විදේශීය මාධ්‍ය ආයතන එක්කර ගනිමින් ජාත්‍යන්තර මාධ්‍ය හමුවක්ද පැවැත්වීමට නියමිතය.
සෙනසුරාදා උදෑසන කොළඹ නගරය හරහා පැවැත්වෙන විශේෂ රථ පෙළපාළියට පැරණි හා සම්භාව්‍ය වාහන 200කට ආසන්න සංඛ්‍යාවක් එක්වන අතර, විවිධ රටවල් නියෝජනය කරන ජාත්‍යන්තර සරුංගල් ශිල්පීන්ද ඊට එක්වීමට නියමිතය. එදින සවස රාජ්‍ය තාන්ත්‍රිකයන් සහ ජාත්‍යන්තර මාධ්‍ය නියෝජිතයන් වෙනුවෙන් පෝට් සිටි කොළඹදී විශේෂ සරුංගල් පියාසර කිරීමේ වැඩසටහනක්ද පැවැත්වේ.
ප්‍රධාන සරුංගල් සැණකෙළිය අගෝස්තු 9 වැනිදා පස්වරු 1.00 සිට 6.30 දක්වා ගාලු මුවදොර පිටියේදී පැවැත්වීමට නියමිත අතර, ලොව විවිධ රටවලින් පැමිණෙන වර්ණවත් සරුංගල් දහස් ගණනක් කොළඹ අහස වර්ණවත් කිරීමට නියමිතය.
ඉන් අනතුරුව පස්වරු 6.30 සිට 7.30 දක්වා ශ්‍රී ලංකාවේ ප්‍රථම Night Kite Festival පැවැත්වෙන අතර, ආලෝකමත් සරුංගල් මගින් රාත්‍රී අහස අලංකාර කිරීමට නියමිතය. පසුව රාත්‍රී 7.30 සිට මධ්‍යම රාත්‍රිය දක්වා ජනප්‍රිය ශ්‍රී ලාංකික ගායක ගායිකාවන්ගේ සහභාගීත්වයෙන් Avatar Band සංගීත ප්‍රසංගයක්ද පැවැත්වේ.
මීට අමතරව ගාලු මුවදොර පිටිය ඉදිරිපිට ෂැංග්‍රිලා කොළඹ ආසන්නයේ ඩෙරානා කොළඹ ආහාර සැණකෙළිය පැවැත්වෙන අතර, එහිදී ශ්‍රී ලාංකික මෙන්ම ජාත්‍යන්තර ආහාර වර්ග රැසක් රසවිඳීමට ජනතාවට අවස්ථාව හිමිවේ.
ඩෙරානා කොළඹ ජාත්‍යන්තර සරුංගල් සැණකෙළිය සරුංගල් සැණකෙළියකට පමණක් සීමා නොවී, මිත්‍රත්වය, සංස්කෘතිය, සංචාරක කර්මාන්තය, අධ්‍යාපනය සහ ජාතික අභිමානය සමරන ජාත්‍යන්තර වැඩසටහනක් බවට පත්ව තිබේ. ලොව විවිධ රටවල ජනතාව එකට එක්කරමින් ශ්‍රී ලංකාවේ සුන්දරත්වය හා සංස්කෘතික උරුමය ලෝකයට හඳුන්වාදීමටද මෙම උත්සවය වැදගත් වේ.
ශ්‍රී ලංකාවේ අහස වර්ණවත් කරමින් ඉහළට නැඟෙන සරුංගල් හරහා ලොවට විවෘත අහසක්, උණුසුම් ආගන්තුක සත්කාරයක් සහ අමතක නොවන අත්දැකීමක් ලබාදීමට ශ්‍රී ලංකාව සූදානම් බව මෙම ජාත්‍යන්තර සැණකෙළිය මගින් පෙන්වා දෙයි.
NIMAL RAJAPAKSHA -0777 305 751
srarajnews@gmail.com
nimalrajapaksha2@gmail.com
ඹබගේ ආයතන ,ව්‍යාපාරික , කලා කටයුතු හා නිර්මාණ කටයුතු ඉතා පහසු හා අඩුම මිලට පළකර ගැනීම සදහා අප මාධ්‍ය ආයතනය අමතන්න
