.නිමල් රාජපක්ෂ-
2026 පොපි මල් දින සැමරුම අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරියගේ සහභාගීත්වයෙන් අද කොළඹ විහාරමහාදේවි උද්‍යාන පරිශ්‍රයේ පිහිටි රණවිරු ස්මාරකය අභියසදී පැවැත්විණි.
උත්සව භූමිය වෙත පැමිණි අග්‍රාමාත්‍යතුමියට පොපි මලක් පළඳවා පිලිගත් අතර, තූර්යවාදක කණ්ඩායම් පෙරටු කරගනිමින් ප්‍රධාන පීඨිකාව වෙත කැඳවාගෙන යනු ලැබීය. අනතුරුව විහාරමහාදේවි උද්‍යාන පරිශ්‍රයේ පිහිටි පළමු සහ දෙවන ලෝක යුද්ධවලදී දිවි පිදූ හමුදා සාමාජිකයන් සිහිපත් කෙරෙන ස්මාරකය වෙත අග්‍රාමාත්‍යතුමිය ප්රමුඛ ආරාධිත අමුත්තන් විසින් ගෞරවාන්විතව පුෂ්පෝපහාර පුද කරන ලදී.
මෙම අවස්ථාවට ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය මේජර් ජෙනරාල් (විශ්‍රාමික) අරුණ ජයසේකර, ආරක්ෂක ලේකම්, ත්‍රිවිධ හමුදාපතිවරුන්, හිටපු හමුදාපතිවරුන් සහ රාජ්‍ය නිලධාරීන් ඇතුළු සම්භාවනීය අමුත්තන් රැසක් සහභාගී වූහ.
