Spread the love

නිමල් රාජපක්ෂ

මෝටර් රථ වැරදි සඳහා ලකුණු එකතු වන ක්‍රමය ලබන වසරේ මාර්තු මාසයේ සිට ක්‍රියාත්මක කරන බව මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජෙනරාල් විශ්‍රාමික එයා වයිස් මාෂල් තුෂාර ප්‍රනාන්දු මහතා පවසයි.

මෙම ක්‍රමවේදය මාර්තුවේ සිට ක්‍රියාත්මක කිරිමත් සමගින් මෝටර් රථ ධාවනයේදී සිදුවන වැරදි සඳහා ලකුණු එකතු වෙන අතර එක් එක් වැරැද්දට වෙන වෙනම ලකුණු එකතු කොට ලකුණු තිහක් එකතු වූ පසු තම රියදුරු බලපත්‍රය අවලංගු වෙනු ඇතැයිද මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස්වරයා පැවසුවේය.

එසේ රියදුරු බලපත අවලංගු වු අයකුට යළිත් රියදුරු බලපතක් ලබා ගැනීමට අවශ්‍ය වු විටක සහතික ලත් රියදුරු පාසලකට ගොස් නැවත යෝග්‍යතාවය ලබාගත යුතුයි

තව දුරටත් අදහස් දැක්වු එයා වයිස් මාෂල් තුෂාර ප්‍රනාත්දු මහතා , මින් ඉදිරියට 48 c කාන්ඩයේ යතුරු පැදි සියල්ලම ලියා පදිංචි කල යුතු බවද කීවේය.
මේ වනවිට රටපුරා ඉතා විශාල ප්‍රමානයක් ලියා පදිංචි නොකල යුතු බව පවසමින් අලෙවි කරුවන් අලෙවි කල යතුරු පැදි ධාවනය වනවා.නමුත් ඒ සියලු යතුරු පැදි ලියාපදිංචි කලයුතු අතර නමුත් පැරණි යතුරු පැදියක් නම් ග්‍රාමසේවා සහතිකය සහිතව මෝටර්රථ ප්‍රවාහන‍ දෙපාර්තුමෙන්තුවට පැමිණ ලියා පදිංචි සහතිකය ලබා ගත යුතුයි.

තවදුරටත් අදහස් දැක්වු ඒ මහතා ,මෝටර් රථ සඳහා දුම් පරික්ෂාව මෙන්ම යෝග්‍යතා සහතික ක්‍රමයද ඉදිරියේදී හඳුන්වා දෙනවා .එ අනුව මෝටර් රථයක් කිලෝමීටර් පන්දාහෙන් හෝ මාස ගණනකින් පිළිගත් ගරාජයකට ගොස් හි යෝග්‍යතා සහතිකයක් ලබා ගැනීමෙන් වාහනය නැවත පාරට එක් කළ හැකි වෙයි.

අකුරණ සිද්ධියේ සිමෙන්ති ප්‍රවාහනය කල ලොරි රථය පිළිබඳවද පරීක්ෂණ පවත්වන අතර රියදුරු පාසල් සඳහා ඇගයීමේ උළෙලක් පැවැත්වෙන බවත් ඒ සඳහා ඉල්ලුම් කළ හැකි කාලය දීර්ඝ කොට තිබෙන බවත් පැවසුවේය.