අද වන විට රටට විශාලා මහනුවර තුන්බියටත් වැඩි බියක් දැනී ඇති බව ජාතික ජන බලවේගය විධායක සභික හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සමන්ත විද්‍යාරත්න මහතා සඳහන් කරයි.
ඒ හේතුවෙන් ජනතාව රට අතහැර පලායමින් සිටින බවත් කර්මාන්තකරුවන් ඊළඟට කුමන බද්දක් වදීදැයි බියෙන් සිටින බවත් ඔහු පැවසීය.
ඒ මහතා මේ බව කියා සිටියේ බදුල්ලේදී පැවති ජාතික ජන බලවේගය ජන හමුවක් අමතමිනි.
