ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට බඩඉරිඟු, වී, මුං ඇට, කව්පි, තල, කුරක්කන් හා උඳු වැනි බීජ සදහා යොදාගන්නා ධාන්‍ය ආරක්ෂිතව වියලීම සඳහා කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍යාංශය යටතේ ඇති කෘෂි අංශ නවීකරණ ව්‍යාපෘතිය නව බීජ වියලීමේ පද්ධතියක් හදුන්වා දී තිබේ.
මෙම නව බීජ වියලීමේ පද්ධතිය මුළුමනින්ම හිරු එළියෙන් ක්‍රියාත්මක වන අතර එම පද්ධතිය Solar Tunnel Dryer ලෙස හඳුන්වන බව කෘෂි අංශ නවීකරණ ව්‍යාපෘතියේ අධ්යක්ෂ ආචාර්ය රෙහාන් විජේකොන් මහතා පැවසීය.
සූර්ය බලයෙන් ක්‍රියාත්මක වන මෙම නව පද්ධතිය වව්නියාව නෙලුක්කුලමේ දී පසුගියදා (23) විවෘත කරනු ලැබු අතර කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා විසින් මෙම නව බීජ වියලීමේ පද්ධතිය විවෘත කරනු ලැබීය.
මෙම පද්ධතියේ ඇති විශේෂත්වය වන්නේ සමස්ත පද්ධතියම හිරු එළියෙන් ජනනය වන විදුලිබලයෙන් ක්‍රියාත්මකවීමයි. ඊට අමතරව මුළු ගබඩාවම වීදුරු ආවරණයකින් ආවරණය කර ඇති නිසා ස්වාභාවික හිරුඑළිය මෙන්ම සූර්ය රශ්මියද අඛණ්ඩවම ලැබේ. රාත්‍රි කාලයට ද බීජ වියලීම සඳහා අවශ්‍ය ප්රශස්ත උෂ්ණත්වය කිසිදු වියදමකින් තොරව සූර්ය බලශක්තිය යොදා ගනිමින් ලබා ගැනීමට හැකිවේ.
එමෙන්ම බඩඉරිඟු හා වෙනත් ධාන්‍ය වියලීමේ දී ඇෆලටොක්සින් ඇති වීමේ අවදානමක් නිසි පරිදි ජලය ඉවත් නොවීම නිසා සිදුවිය හැකි වුවත් මෙම ධාන්‍ය වියලීමේ පද්ධතිය මගින් එවැනි අවදානමක් ද නැත. එසේම බීජ සඳහා යොදා ගන්නා බඩඉරිඟු වැනි ධාන්‍ය පැළ කිරීමට උචිත ලෙස වියළා ගැනීමට හැකි නිසා එම ධාන්‍ය පැළ නොවීමේ අවදානමක් ද නැත.
Solar Tunnel Dryer තාක්ෂණය ශ්‍රී ලංකාවට හඳුන්වා දෙනු ලබන්නේ ප්‍රථම වතාවට බවත්, මේ වනවිට මෙම අත්හදා බැලීම් සියයට සියයක්ම සාර්ථකව ඇතැයි කෘෂි අංශ නවීකරණ ව්‍යාපෘතියේ අධ්යක්ෂ ආචාර්ය රෝහාන් විජේකොන් මහතා පැවසීය. මෙම නව සොයා ගැනීම මුළුමනින්ම අප රට සතුවේ.
