ඉදිරිපත් වෙන ඕනෑම මැතිවරණයකින් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ජය ගන්නා බව එහි නායක හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ පවසයි
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පිරිස් විවිධ පිරිස්වලට සහයෝගය දක්වන බවට මෙතෙක් ප්‍රසිද්ධියේ ප්‍රකාශ කර නොමැති බවද හිටපු ජනාධිපතිවරයා මාධ්‍ය වෙත අදහස් දක්වමින් සඳහන් කළේය.
ආණ්ඩුව යන ගමන් මග සම්බන්ධයෙන් එතරම් සෑහීමකට පත් නොවන බවත් ජනතාව නම් හොඳටම බනින බවයි මාධ්‍යවේදීන් යොමුකළ පැනයකට පිළිතුරු ලබාදෙමින් හිටපු ජනාධිපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේය.
