Spread the love

අලව්ව ප්‍රදේශයේදී මා ඔයේ දිය නෑමට ගිය පාසල් සිසුන් සිව්දෙනෙකු දියේ ගිලී මියගොස් ඇත.

සිසුන් කණ්ඩායමක් ඔයේ දිය නෑමට ගොස් සිටියදී ඔවුන් මෙලෙස අනතුරට ලක්වී ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නීතිඥ නිහාල් තල්දුව සඳහන් කළේ.

දියේ ගිලුණු එක් සිසුවෙකු බේරාගෙන රෝහල්ගත කර ඇති අතර මෙම අනතුරට මුහුණ පා ඇත්තේ පොල්ගහවෙළ ප්‍රදේශයේ පාසලක 9 වැනි ශ්‍රේණියේ දරුවන් පිරිසක් බවයි වාර්තා වෙන්නේ