හම්බන්තොට වරායේ වාහන ප්රතිනැවුගත කිරීමක් අතරතුර එක් මෝටර් රථයක් මුහුදට වැටී තිබේ.
මෝටර් රථය පැදවූ රියැදුරු හම්බන්තොට රෝහල්ගත කර ඇත.
පැනමා ධජය යටතේ පැමිණි මෙම නෞකාවට හම්බන්තොට වරායේ ගාල් කර තිබූ වාහනයක් පැටවීමේදී මෙම අනතුර අද අළුයම් කාලයේ සිදුව තිබේ.
මුහුදට වැටුණු මෝටර් රථය මේ වන තෙක් ගොඩගැනීමට හැකි වී නැත.
