අද (05) සිට ලබන 15 වන දා දක්වා දිවයිනට සෘජුවම ඉහළින් සූර්යයා පිහිටන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කළේ ඒ අනුව අද දහවල් 12.12 ට බලපිටිය, ඇල්පිටිය , මොරවක සහ තිස්සමහාරාම යන ප්‍රදේශවලට හිරු මුදුන් වීමට නියමිත බවයි .
