රුපියල් කෝටි 06 කට ආසන්න වටිනාකමකින් යුත් හෙරොයින් කිලෝ එකයි ග්රෑම් 105ක් ග්රෑන්ඩ්පාස් වෙත රැගෙන යමින් සිටි සැකකරුවෙක් මාලිගාවත්ත පොලිස් ස්ථානය මගින් අත්අඩංගුවට ගෙන ඇත.
ඔහු සතුව තිබී මුදලින් තවත් රුපියල් හත්ලක්ෂ පනස්දහස මුදලක්ද සොයා ගැනීමට පොලිසීය සමත්වි ඇත.
සැකකරු වැල්ලම්පිටිය ප්රදේශයේ පදිංචි 25 හැවිරිදි අයෙක් වන අතර ඔහු දැනට ඩුබායිහි සැඟව සිටින සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයෙකු වන කෙසෙල්වත්ත දිනුකගේ ගෝලයෙක් බවටද මේ වන විට අනාවරණය වී ඇති බවයි පොලීසිය වැඩිදුරටත් ප්රකාශ කළේ.
