Spread the love

වීසා කාලය ඉක්මවූ විදේශිකයන් 2,400 පිරිසක් මෙරට තුළ සිටින බව ආගමන විගමන දෙපාර්තමේන්තුව පවසයි.

සංචාරක ක්ෂේත්‍රය ආශ්‍රිතව මෙරට තුළ ව්‍යාපාරවල නිරතවන විදේශිකයන් සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ පැවති රාජ්‍ය ගිණුම් පිළිබඳ කාරක සභාවේදී යොමුකළ ප්‍රශ්නයකට පිළිතුරු ලබාදෙමින් ඔවුන් මේ බව සඳහන්විය.

දකුණු පළාත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා සමග මේ සතියේ අදාළ ගැටලුව පිළිබඳ සාකච්ඡා කිරීමට නියමිත අතර, ඒ අනුව පොලීසියේ මැදිහත්වීම මත ඉතා ඉක්මනින් මෙයට ප්‍රතිචාර දැක්වීමට බලාපොරොත්තු වන බවයි ආගමන විගමන දෙපාර්තමේන්තුවේ, අධ්‍යක්ෂ ජනරාල් අයි.එස්.එච්.ජේ. ඉළුක්පිටිය සඳහන් කළේ.