නාගොඩ- සුමන
කම්කරුවන් වෙනුවෙන් එක් දිනයකදී ප්‍රමුඛතාව ලබාදුන්න ද කම්කරුවන්ට සැබෑ අයිතීන් ලැබී ඇද්දැයි සිතීමට සිදුව තිබේ.
අද (01) කම්කරු දිනය දා ද ගාල්ල දිස්ත්‍රික්කයේ බොහෝ නගර වල කම්කරුවන් මාර්ග පිරිසිදු කිරීමේ කටයුතු වල වෙනදාටත් වඩා පාන්දරම යෙදි සිටියි.

ඒ දේශපාලන පක්ෂ පවත්වන මැයි දින පෙළපාලි සහ සැමරුම් උස්සව හේතුවෙනි.


තමන් වෙනුවෙන් වෙන්වූ දිනය සැමරීම සදහාවත් නොහැකි වී ඇත්තේ දිනක හෝ ආදායම නොලැබුණහොත් සිය දරුවන් සදහා අවශ්‍ය ආහාර පාන ලබාදීමට නොහැකි වීම හේතුවෙන් බව මාර්ග පිරිසුදු කරමින් සිටි කම්කරුවන් පැවසීය.
