මෙරට දළ නිල විදේශ සංචිත ප්‍රමාණය අමෙරිකානු ඩොලර් බිලියන 05 ක් දක්වා ඉහළ ගොස් ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි
පසුගිය මාර්තු මාසය වන විට දළ නිල සංචිත ප්‍රමාණය මෙලෙස ඉහළ ගොස් ඇති බවයි වාර්තාවක් නිකුත් කරමින් මහ බැංකුව සඳහන් කළේ.
මෙම නිල සංචිත සඳහා චීන මහ බැංකුවෙන් ලද විදේශ විනිමය හුවමාරු පහසුකම ද ඇතුළත් වෙයි.
මහ බැංකුව විසින් ශුද්ධ පදනම මත දේශීය විදේශීය විනිමය වෙළෙඳපලෙන් සැලකිය යුතු ලෙස විදේශ විනිමය මිලදී ගැනීම දළ නිල සංචිත ඉහළ යාමට ප්‍රධාන වශයෙන්ම හේතුවී ඇති බවයි අදාළ වාර්තාවේ වැඩිදුරටත් දැක්වෙන්නේ.
