නාගොඩ- සුමන
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නිර්මාතෘ බැසිල් රාජපක්ෂ මහතා හා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අතර තවත් සාකච්ඡාවක් ඊයේ (09) රාත්‍රි පැවැත්විණි.
ඒ ඔවුන් දෙදෙනා අතර ඉදිරි දේශපාලන කටයුතු සම්බන්ධයෙන් පැවති 06 වැනි සාකච්ඡාවයි.
එහිදි සාකච්ඡා වූ කරුණු පිළිබඳ අද (10) මාධ්‍ය දැනුවත් කරන බව ශ්‍රි ලංකා පොදුජන පෙරමුණ පවසයි.
මේ අතර ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපතිවරණ මෙහෙයුම් මධ්‍යස්ථානය අද විවෘත කිරීමට නියමිතයි.
ඒ බත්තරමුල්ල රජමල් වත්තේදී ය.
මීට සමාගමීව ආසන මට්ටමින්ද ජනාධිපතිවරණ මෙහෙයුම් කාර්යාල විවෘත කිරීමට නියමිතයි.
ඉදිරි ජනාධිපතිවරණය ඉල්ලක්ක කර ගනිමින් පුළුල් ප්රචාරක යාන්ත්‍රණයක් සකස් කර ඇති බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පවසයි.
