Spread the love

නාගොඩ- සුමන

වැඩවර්ජනයේ නිරත විශ්ව විද්‍යාල අනධ්‍යන සේවකයින් සහ අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා අතර විශේෂ සාකච්ඡාවක් අද (10) දහවල් පැවැත්වීමට නියමිත බව අධ්‍යාපන අමාත්‍යංශය පවසයි.

ඒ අනධ්‍යයන සේවකයින්ගේ ගැටලු සම්බන්ධයෙන් රජය දුන් විසඳුම් දැනුම් දීම සඳහායි.

වැටුප් කප්පාදුව ඇතුළු ගැටලු කිහිපයක් මුල්කර ගනිමින් විශ්ව විද්‍යාල අනධ්‍යන සේවකයන් ආරම්භ කර වැඩවර්ජනයට අදට දින 09ක් ගතවෙයි.

මේ හේතුවෙන් සමස්ත විශ්ව විද්‍යාල පද්ධතියේ සහ උසස් අධ්‍යාපන ආයතන 17 කටයුතු මේවන විට අඩාල වී ඇතිබව විශ්ව විද්‍යාල වෘත්තීය සමිති එකමුතුවේ සම සභාපති ධම්මික එස් ප්‍රියන්ත මහතා පැවසීය.

සිය ගැටලු සඳහා විසඳුම් ලබාදීමට රජය ගත් ක්‍රියාමාර්ග ප්‍රමාණවත් නොවන බව එහිදී පැවසීය.