Spread the love

නාගොඩ – සුමන

වැටුප් සහ දීමනා ගැටලු පිළිබඳව අමාත්‍ය මණ්ඩලය සමඟ සාකච්ඡා කර 13 සදුදා විසඳුමක් ලබා දෙන බවට ඇමතිවරයා පොරොන්දු වුහ . නමුත් බැරි වෙලාවත් විසදුමක් ලබා නුදුන හොත් 14 දින දැඩි වෘත්තිය ක්‍රියාමාර්ගයක් ගන්නා බව විශ්ව විද්‍යාල වෘත්තීය සමිති ඒකාබද්ධ කමිටුවේ සම සභාපති ධම්මික එස් ප්‍රියන්ත මහතා පවසයි.

අඛණ්ඩ වැඩවර්ජනයක නිරත විශ්ව විද්‍යාල අනධ්‍යන සේවකයන්ගේ වෘත්තීය සමිති නායකයින් අද (10) අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා සමඟ සිය ගැටලු සම්බන්ධයෙන් සාකච්ඡාවක් පැවැත්වූ අවස්ථාවේ අමාත්‍යවරයා වැටුප් සහ දීමනා පිළිබදව විසදුම් ලබා දීමට එකඟ වි තිබේ.