ලාංකිකයන් රුසියානු යුද්ධය සඳහා කුලී හේවායන් ලෙස අලෙවි කරන ජාවාරමේ මහා මොලකරු රුසියාවේ හිටපු ශ්‍රී ලංකා තානාපති උදයංග වීරතුංග දැයි සැකයක් මතුවන බව පාර්ලිමේන්තු මන්ත්‍රී ගාමිණී වලේබොඩ මහතා පවසයි.
රුසියානු යුද්ධයට යවා ඇති ලාංකිකයන් නිදහස් කරගැනීම ඉතා කෙටි කලත් තුළ තමන්ට හැකි බවට උදයංග වීරතුංග මහතා කළ ප්‍රකාශයක් හේතුවෙන් මෙම සැකය මතුවී ඇතැයි ද ඔහු පැවසීය.
මන්ත්‍රීවරයා මෙම අදහස් පළ කළේ කොළඹ පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.
