මුල්කිරිගල ගුනරත්න
රුපියල් දහසේ ව්‍යාජ මුදල් නෝට්ටු නවයක් ලග තබාගත් සැකකරුවෙකු වීරකැටිය මැදමුලන ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව තංගල්ල පොලිස් විශේෂ කාර්ය බලකාය පවසයි .
තංගල්ල පොලිස් විශේෂ කාර්ය බලකායේ නිළධාරින්ට ලැබුණු තොරතුරක් අනුව (15) රාත්‍රි හෙරොයින් මත්ද්‍රව්‍ය වැටලීමකට ගොස් සැකකරුගේ නිවස සෝදිසි කිරීමේදී මෙම ව්‍යාජ මුදල් නෝට්ටු සොයාගත් බව පොලිසිය පවසයි .
අත්අඩංගුවට ගත් සැකකරු වීරකැටිය මැදමුලන දලුවක්ගොඩ ගෙදර පදිංචි කරුවෙකි .32 හැවිරිදි වියේ පසුවන ඔහු රැකියාව ලෙස කුලීවැඩ කරන අයෙකු බව පොලිසිය කියයි .
සැකකරුට වැඩිදුර පරීක්ෂණ පැවැත්වීම සදහා වීරකැටිය පොලිසියට බාර දී තිබේ
