මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතාට ඊයේ (15) පස්වරුවේ දුරකථනය ඔස්සේ මරණ තර්ජන එල්ල වීමේ සිද්ධියක් සම්බන්ධයෙන් කොටුව පොලිස් ස්ථානය මඟින් විමර්ශනයක් ආරම්භ කර තිබේ.
ඉදිරි මැතිවරණ කටයුතු සඳහා ඉදිරිපත් වීමට ශෙහාන් සේමසිංහ රාජ්‍ය අමාත්‍යවරයාට ඉඩ නොතබන අතර සිය තර්ජනය නොසලකා කටයුතු කරන්නේ නම් ඝාතනය කරන බව දුරකථනය ඔස්සේ තර්ජනය කළ පුද්ගලයා ප්‍රකාශ කර තිබේ.
ඒ අනුව ඒ සම්බන්ධයෙන් රාජ්‍ය අමාත්‍යවරයා සිදුකළ පැමිණිල්ලකට අනුව කොටුව පොලීසිය විමර්ශන ආරම්භ කර ඇති බව ශෙහාන් සේමසිංහ රාජ්‍ය අමාත්‍යවරයාගේ මාධ්‍ය ඒකකය සඳහන් කළේය.
මේ අතර හඹරන ප්‍රදේශයේ දී මාධ්‍ය වෙත අදහස් දක්වමින් මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා පැවසුවේ පළමුව ජනාධිපතිවරණය පවත්වා පසුව සෙසු මැතිවරණ පවත්වන බවට ජනාධිපතිවරයා ප්‍රකාශ කළ බවය.
