Spread the love

නිමල් රාජපක්ෂ

විදේශීය රටක සිට පොලොන්නරුව ප්‍රදේශයේ පුද්ගලයකුට එවා තිබු පාර්සලයක තිබි රුපියල් මිලියන 100 ක් වටිනා මත්ද්‍රව්‍ය තොගයක් සමගින් එක් සැකකරුවකු රේගු මත්ද්‍රව්‍ය නාශක අංශයේ නිලධාරින් අත්අඩංගුවට ගෙන ඇත.

අදාල මත්ද්‍රව්‍ය තොගය සොයාගෙන ඇත්තතේ සීදුව ප්‍රදේශයේ පිහිට කුරියර් ගබඩාවේදි යන්ත්‍ර කොටස් ලෙස එවා තිබු පාර්සලයක් සැකසහිත බැවින් කුරියර් ගබඩාවේ සිටිි පුද්ගලයා ඉ දිරියේ අද සිදුකල පරික්ෂාවේදි මෙතම්ෆෙටමින් (ICE) කිලෝග්‍රෑම් 3.100 ක් සොයාගත් බව රේගු මාධ්‍යප්‍රකාශක , අතිරේක රේගු අධ්‍යක්ෂ සීවලි අරුක්ගොඩ මහතා පවසයි


රේගු මත්ද්‍රව්‍ය කාර්යංශයේ නිලධාරීන් සැකකරු සමඟ සොයාගත් මත්ද්‍රව්‍ය වැඩිදුර විමර්ශන සඳහා පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය වෙත භාරදීමට නියමිතය.