දිවයිනේ ඇතැම් ප්‍රදේශ වලට කෙටිකාලයක් තුල 100mm ඉක්මවූ තද වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අනාවැකි කරන අංශයේ අධ්‍යක්ෂ අජිත් විජේමාන්න මහතා පැවසීය.
දිවයිනේ නිරිත දිග ප්‍රදේශ වල මෙම තත්වය වැඩි වශයෙන් ඇතිවිය හැකිය.
මේ අතර නිරිත දිග මෝසම් කාලගුණය මේවන විට රට හරහා ස්ථාපිත වෙමින් පවතියි.
ලබන 25 වැනිදා වනවිට නිරිත දිග මෝසම රට හරහා ස්ථාපිත වනු ඇතිබව අධ්‍යක්ෂවරයා පැවසීය.
පෙර වසර වලට සාපේක්ෂව මෙවර වැඩි වර්ෂාපතනයක් බලාපොරොත්තු වන බව පැවසීය.
