ස්විට්සර්ලන්තයේ පැවැත්වීමට නියමිත යුක්රේන සාම සමුළුවට චීනය සහභාගී නොවන බව වාර්තා වෙයි.
විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ, රැස්වීමේ විධිවිධාන සහ චීනය පෙනී සිටින ස්ථාවරය මෙන්ම ජාත්‍යන්තර ප්‍රජාව තුළ ඇති අපේක්ෂාව අතර පැහැදිලි පරතරයක් පවතින බව චීනයේ මතය බවය.
චීනය විසින් යෝජනා කරන ලද කරුණු තුනක් ඇති බවත්, යුක්රේන සාම සමුළුවේදී ඒවා ඉටු නොවන බවත් වැඩි දුරටත් වාර්තා වෙයි.
චීනය ඔවුන්ගේම ආකාරයෙන් සාමය සඳහා සාකච්ඡා ප්‍රවර්ධනය කිරීමට කටයුතු කරනු ඇති බව වාර්තා වෙයි.
යුක්රේන අර්බුදය දේශපාලන සමථයකට පත් කිරීම සඳහා අඛණ්ඩව කටයුතු කරන බවත් චීනය පෙන්වා දී තිබේ
