Spread the love

රටක් ලෙස නැගී සිටීමට නම් සියලු දෙනා එක අරමුණක පිහිටා කටයුතු කල යුතු බව මධ්‍යම පළාත් ආණ්ඩුකාර නිතිඥ ලලිත් යු ගමගේ මහතා පවසයි.

නීතීඥ ලලිත් යූ ගමගේ මහතා එසේ පැවසුවේ මහනුවර , උඩුනුවර වහුංකොහ අල් අරෆා විද්‍යාලයේ ඉදිකිරීමට නියමිත දෙමහල් ගොඩනැගිල්ල සඳහා මුල්ගල් තැබීමේ උත්සවයට සහභාගිවෙමිණි.

විද්‍යාලයේ ආදිශිෂ්‍ය සංගමයෙ මැදිහත්වීම මත කුවේට් රජයේ ආධාර ඇතිව මෙම දෙමහල් ගොඩනැගිල්ල ඉදි කෙරේ.

.මධ්‍යම පළාත තුළ ගුරුවරු පන්දාහක් පමණක් හිඟයක් පවතින බවත් හෙලිකල ආණ්ඩුකාරවරයා මේ වන විට උපාධිධාරී ගුරුවරුන් හත්සීයක් පමණ පිරිසක් බඳවාගෙන ඊට යම් විසඳුම් ලබා දී ඇත. .සිංහල , දෙමළ මුස්ලිම් වශයෙන් නොව ශ්‍රීලාංකිකයන් ලෙස කටයුතු කළ යුතු බවද පැවසුවේය.