Spread the love

වසර 27 කට පසු ඉන්දියාවට එරෙහිව එක්දින තරගාවලි ජයක් වාර්තා කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් විය.
ඒ ශ්‍රී ලංකා කණ්ඩායම හා ඉන්දීය කණ්ඩායම අතර තීරණාත්මක එක්දින තරගාවලියේ තුන්වන එක්දින තරගය ලකුණු 110 කින් ජය ගැනීමත් සමඟයි

ඒ අනුව තරගයේ කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම සිය පන්දුවාර 50 තුළ කඩුලු 07 ක් දැවී ලකුණු 248 ක් ලබාගත්තා.

පන්දුවට පහරදීමේදී ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් අවිශ්ක ප්‍රනාන්දු ලකුණු 96 ක්, කුසල් මෙන්ඩිස් ලකුණු 59 ක් හා පැතුම් නිස්සංක ලකුණු 45 ක් ලබා ගැනීමට සමත් වුණා.

පන්දු යැවීමේදී ඉන්දීය කණ්ඩායම වෙනුවෙන් Riyan Parag කඩුලු 3 ක් හා Mohammed Siraj, Axar Patel, Washington Sundar එක් කඩුල්ල බිඟින් බිඳ හෙළීමට සමත් වුණා..

ඒ අනුව තරගයේ පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ඉන්දීය කණ්ඩායමට පන්දුවාර 26 ක් අවසානයේ සියලු දෙනා දැවී ලබා ගැනීමට හැකියාව ලැබුණේ ලකුණු 138 ක් පමණයි.

පන්දු යැවීමේදී ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් දුනිත් වෙල්ලාලගේ කඩුලු 4 ක්, ජෙෆ්රි වෙන්ඩසේ, මහීෂ් තීක්ෂණ කඩුලු 2 බැඟින්, අසිත ප්‍රනාන්දු එක් කඩුල්ලක් බිඳ හෙළීමට සමත් වුණා.

ඒ අනුව තරගාවලියේ පළමු තරගයේ ලකුණු සමවූ අතර අනෙක් තරග දෙකම ශ්‍රී ලංකාව ජය ගැනීමත් සමඟ තරග 2 ට 0 ක් ලෙස තරගාවලි ජයක් වාර්තා කිරිමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වුණා.