Spread the love

07 වන මධ්‍යම රාත්‍රීයේ සීදූව පොලිස් වසමේ කොටුගොඩ පොලිස් මාර්ග බාධක රාජකාරි යෙදී සිටි සීදූව පොලිස් ස්ථානයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් සීදූව දෙස සිට පැමිණි වූ කාර් රථයක් පරීක්ෂා කිරීම සඳහා නවතා ඇත.

එම අවස්ථාවේදී කාර් රථයේ වම්පස ඉදිරි අසුනේ සිටි තැනැත්තකු විසින් පොලිස් සැරයන්වරයෙකුගේ රාජකාරි ගිනි අවිය උදුරාගැනීමට තැත් කිරීමේදී එම අවිය ක්‍රියාත්මක වී නිලධාරියාගේ පාදයකට හා එම පුද්ගලයාගේ උදර ප්‍රදේශයට වෙඩි වැදීමෙන් තුවාල ලබා දෙදෙනාම මීගමුව රෝහලට ඇතුලත් කිරීමේදී කාර් රථයෙන් පැමිණි පුද්ගලයා මියගොස් ඇත.

මරණකරු වයස අවුරුදු 38 ක් වූ පූගොඩ ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

සීදූව පොලිස් ස්ථානය වැඩිදුර විමර්‌ශන සිදුකරනු ලබයි