තම මැතිවරණ ව්‍යාපාරය පක්ෂ අනුව බෙදී වෙන්වීම සඳහා නොව පක්ෂ එකතු වී ජනතාවගේ අනාගතය තහවුරු කිරීම සඳහා සිදුකරන්නක් බව ස්වාධීන අපේක්ෂක වත්මන් ජනපති රනිල් වික්‍රමසිංහ පවසයි.
රට ආරක්ෂා කිරීම වෙනුවෙන් තුන් සිංහලයම එකට එකතු වන්නේ තම මැතිවරණ ව්‍යාපාරය තුළ බවයි ඔහු සඳහන් කළේ.
තමා පක්ෂ භේදයකින් තොරව ස්වාධීනව ගෑස් සිලින්ඩරය ලකුණෙන් ඉදිරිපත් වීමට තීරණය කළේ එබැවින් බවයි ඔහු වැඩිදුරටත් අවධාරණය කළේ.
