Spread the love

සමගි ජන බලවේගයේ ජනාධිපතිවරණ ප්‍රචාරණ රැලියක් අතරතුර සිදුකළ රතිඤ්ඤා පත්තු කිරීමකින් සිදුවු අනතුරකින් තුවාල ලැබු පොලිස් නිලධාරීන් ඇතුළු කිහිපදෙනෙක් රෝහල් ගතකර තිබේ .

ප්‍රචාරණ රැලිය ආරම්භ කරනවාත් සමග අදාළ ස්ථානයේ රතිඤ්ඤා දල්වා ඇති අතර, ඉන් පොලිස් නිලධාරීන් 5 දෙනෙකු සහ සිවිල් පුද්ගලයින් දෙදෙනෙක් තුවාල ලබා මහනුවර රෝහලට ඇතුළත් කර ඇති බවයි සඳහන් වෙන්නේ.

සමගි ජන බලවේගයේ ජනාධිපති ධුර අපේක්ෂක සජිත් ප්‍රේමදාස සහභාගී වන ජන රැළියක් මේ වන විට මහනුවර දී පැවැත්වේ