එළඹෙන ජනාධිපතිවරණය හේතුවෙන් දිවයිනේ සියලු පාසල් සැප්තැම්බර් 20 වැනි දින වසා තැබෙන බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි.
එම වසා දැමෙන පාසල් නැවත 23 වැනි දින ආරම්භ කිරීමට නියමිතව ඇති බවයි සඳහන් වෙන්නේ.
ගණන් කිරීමේ මධ්‍යස්ථාන ලෙස යොදා ගන්නා පාසල් එම ලේඛනයේ සඳහන් පරිදී ඒ ඒ පාසලට අදාළ වකවානුව තුළ පමණක් වසා දැමීමට කටයුතු කරන බවයි වැඩිදුරටත් සඳහන් වෙන්නේ.


