Spread the love

හොඳම කණ්ඩායම සිටින්නේ තමන් සමග යයි රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා නිතර පවසන බව ජාතික ජන බලවේග ජනාධිපති ධුර අපේක්ෂක අනුර දිසානායක මහතා පවසයි.

ඒ හොදම කණ්ඩායම යනු ප්‍රසන්න රණතුංග, ලොහාන් රත්වත්තේ, රෝහිත අබේගුණවර්ධන, මහින්දානන්ද අලුත්ගමගේ වැනි අය බවත් මන්ත‍්‍රීවරයා පෙන්වා දෙයි.

එම කණ්ඩායම සුදුසු වන්නේ නැවක් කොල්ලකෑමට සෝමාලියාවට යෑමට බව ද ඔහු කියා සිටියේ ජාතික ජන බලවේග ජන හමුවක් අමතමිනි.