Spread the love

නිමල් රාජපක්ෂ-


සුරාබදු දෙපාර්තුමේන්තුව මගින් දියත් කල දින 100 ක විශේෂ වැටලිම් මාලාව තුළින් සැකකරුවන් 255 ක් අත්අඩංගුවට ගෙන අධිකරණ වෙත ඉදිරිපත් කොට රුපියල් හයලක්ෂ අටදහසක දඩ ආදායමක් රජයට ලබා දීමට සමත්වු බව මීරිගම සුරාබදු ස්ථානාධිපති වයි.ඒ.එස්.පී යාපා මහතා පවසයි.

මෙහිදි නිති විරෝධී මත්පැන් සම්බන්ධයෙන් සැකකරුවන් 201 ක්ද, ගංජා ලගතබාගත් සැකකරුවන් 4 ක් , .නිති විරෝධි ලෙස බීඩි ලගතබාගත් 5 ක්,හොරොයින් ලගතබාගෙන සිටි 2 ක් , රා ලගතබාගෙන සිටි 1 ක් හා තිරුබදු නොගෙවු සිගරැට් ලග තබාගෙන සිටි 42 ක් කොටු කර ගැනීමට සුරාබදු නිලධාරීන් සමත්වි ඇත.

අත්අඩංගුවට ගත් සැකකරුවන් මිනුවන්ගොඩ හා අත්තනගල්ල මහේස්ත්‍රාත් අධිකරණ වෙත ඉදිරිපත් කොට මෙසේ දඩ අයකර ගැනීමට මීරිගම සුරාබදු නිලධාරීන් සමත්වි ඇත.
තව දුරටත් අදහස් දැක්වු යාපා මහතා,

ගම්පහ සහකාර සුරාබදු කොමසාරිස් රොෂාන් පෙරේරා මහතා ගේ උපදෙස් මත , ගම්පහ සුරාබදු අධිකාරී ප්‍රිමේෂ් ප්‍රනාන්දු මහතාගේ අධීක්ෂණය යටතේ , මීරිගම සුරාබදු ස්ථානාධිපති වයි.ඒ.එස්.පී යාපා මහතාගේ මෙහෙයවීම මත , මිරිගම සුරාබදු නිලධාරීන් මෙම වැටලිම් සිදු කළහ.