පාර්ලිමේන්තුව විසුරුවා හැරීම සඳහා වන ගැසට් නිවේදනයට ජනාධිපති අනුර දිසානායක මහතා අත්සන් තබා තිබේ.
ඒ අනුව රජයේ මුද්‍රණාලය විසින් නිකුත් කර ඇති ගැසට් නිවේදනයේ දැක්වෙන්නේ අද (24) මධ්‍යම රාත්‍රි දොළහට පාර්ලිමේන්තුව විසුරුවා හරින බවය.
අනතුරුව පාර්ලිමේන්තු මහ මැතිවරණය නොවැම්බර් මස 14 වනදා පැවැත්වෙයි.
නව පාර්ලිමේන්තු සැසිවාරය ආරම්භ වන්නේ නොවැම්බර් මස 21 වැනිදාය.
පාර්ලිමේන්තු මැතිවරණයට අදාළව නාම යෝජනා භාර ගැනීම ඔක්තෝබර් මස 4 වැනි වැනිදා සිට ඔක්තෝබර් මස 11 වැනිදා දහවල් 12 දක්වා සිදු කෙරේ.
