ජ්‍යෙෂ්ඨ ජනමාධ්‍යවේදී ප්‍රියන්ත කුමාර වෙදමුල්ල ස්වාධීන රූපවාහිනී සංස්ථාවේ නව සභාපතිවරයා ලෙස පත්කර ඇත..
අන්තර්ජාතික සබඳතා පිළිබඳ විශේෂවේදී ගෞරව උපාධිය ලබා ඇති ඔහු කොළඹ විශ්ව විද්‍යාලයේ – ආර්ථික විද්‍යා අධ්‍යයන අංශයෙන් ශාස්ත්‍රපති උපාධිය ලබාගෙන ඇත.
1996 වසරේ විශ්වවිද්‍යාල සමයේදීම සිය මාධ්‍ය ජීවිතය ආරම්භ කරන ඔහු එවකට පළ වූ සිතිජය, රාවය, ලක්ජන වැනි පුවත්පත් හා සඟරාවල විශේෂාංග ලේඛකයෙකු සහ ජනමාධ්‍යවේදියෙකු ලෙස කටයුතු කර තිබේ.
2002 වසරේදී එවකට ප්‍රකට වු ‘දෙසතිය’ සඟරාවේ සහ ‘ලංකා’ පුවත්පතේ විශේෂාංග කතෘ ලෙසත් විශේෂාංග ලේඛකයෙකු ලෙසත් ඔහු කටයුතු කර ඇත.
2004 වසරේදී ශ්‍රී ලංකා රූපවාහිනි සංස්ථාවේ වැඩසටහන් නිෂ්පාදකවරයකු ලෙස සම්බන්ධ වෙන ඔහු 2007 වසරේදී ශ්‍රී ලංකා රූපවාහිනි සංස්ථාවේ වැඩසටහන් නිෂ්පාදකවරයෙකු සහ අධ්යක්ෂවරයකු ලෙස පත්වී තිබේ.
අකුණ, විසංවාදය, ඇත්ත-නැත්ත, ජූරිය ඔබයි වැනි කාලීන වැඩසටහන් රැසක් ඔහුගේ නිෂ්පාදන අතර වෙයි.
ඩිජිටල් අලෙවිකරණය සහ සන්නිවේදනය (Digital Marketing & Communication), උපායමාර්ගික කළමණාකරනය (Strategic Management) සහ අන්තර්ජාතික අලෙවි කළමනාකරණය (International Marketing Management) පිළිබඳව ජ්‍යෙෂ්ඨ කථිකාචාර්යවරයෙක් ලෙස කොළඹ විශ්වවිද්‍යාලයේ සහ පුද්ගලික විශ්වවිද්‍යාල කිහිපයක සේවය කරන ඔහු මේ වන විට පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ කළමනාකරණය පිළිබඳව ආචාර්ය උපාධි අපේක්ෂකයෙක් ද වෙයි.
