Spread the love

මෙවර මහ මැතිවරණයේ පොළොන්නරුව දිස්ත්‍රික්කයේ සමස්ත ප්‍රතිඵලය අනුව ඡන්ද 159,010 ලබා ගනිමින් ආසන 4 ක් දිනාගෙන ජාතික ජන බලවේගය ජයග්‍රහණය තහවුරු කරගෙන තිබෙනවා.

ඡන්ද 43,822 ක් ලබා ගනිමින් සමගි ජන බලවේගය ආසන එකක් ලබාගෙන ඇති බවයි සඳහන් වෙන්නේ.

සර්ව ජන බලවේගය ඡන්ද 8,587 ක් ලබාගෙන ඇති අතර නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණට මෙවර මහ මැතිවරණයේදී ලබා ගැනීමට හැකියාව ලැබී ඇත්තේ ඡන්ද 5,153 ක් පමණක් වන අතර ඔවුන් කිසිවෙකුට කිසිදු ආසනයක් හිමිවී නැහැ.