අහුන්ගල්ලේ පිහිටි ප්රසිද්ධ හෝටලයක් තුළදී රුසියානු ජාතික කාන්තාවක් මත්පැන් පානය කර කාමරයේ නිදාගෙන සිටියදී හෝටලයේ ම කෙනෙකු පැමිණ අදාල කාන්තාව දුෂණය කර ඇතැයි පොලීසිය පවසයි.
රුසියානු ජාතික 41 හැවිරිදි කාන්තාවක් පසුගිය නොවැම්බර් 8 වනදා පැමිණ ලැගුම්ගෙන තිබුණි.
බැංකු සේවිකාවක් වන අදාළ කාන්තාවගේ උපන්දිනය යෙදී තිබී ඇත්තේ නොවැම්බර් 12 වනදා ය.
අදාළ දිනයේදී ඇය එය සමරමින් දැඩිලෙස මත්පැන් පානය කර හෝටලයේ වෙන් කරගත් කාමරයේ නින්දට ගොස් තිබේ.
ඒ අතරතුරදී ඇයගේ කාමරයට පැමිණි පුද්ගලයෙකු විසින් ඇයව බලහත්කාරයෙන් දූෂණය කර ඇති බව පැවසීය.
පසුව අදාළ කාන්තාව සිද්ධිය සම්බන්ධයෙන් අහුන්ගල්ල පොලීසියට පැමිණිලි කිරීමෙන් අනතුරුව විමර්ශන සිදුකළ පොලීසිය සැකකරු හඳුනාගෙන තිබේ.
අදාළ හෝටලයේම සේවකයෙකු වන සැකකරු අත්අඩංගුවට ගැනීමට විමර්ශන ක්රියාත්මකයි
