Spread the love

නැගෙනහිර පළාතේ අද (03) වැසි ස්වල්පයක් ඇති විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

සෙසු ප්‍රදේශවල ප්‍රධාන  වශයෙන් වැසි රහිත කාලගුණ තත්ත්වයක් පැවතිය හැකි බවය.

දිවයිනේ බොහෝ ප්‍රදේශවල උදෑසන කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් පවතී.

මේ අතර මඩකලපුව සිට  සිට  ත්‍රිකුණාමලය හරහා  කන්කසන්තුරය දක්වාවන මුහුදු ප්‍රදේශවල  ස්ථාන ස්වල්පයක වැසි ඇති වේ.

දිවයින වටා වන මුහුදු ප්‍රදේශවල සුළං නිශ්චිත දිශාවකින් තොරව හමන අතර සුළං වේගය පැ.කි.මී. (20-30) පමණ වේ.

දිවයින වටා වන මුහුදු ප්‍රදේශ සාමාන්‍ය ස්වභාවයේ පැවතිය හැකියි.