Spread the love

නිමල් රාජපක්ෂ-

දිවයින පුරා නිතිවිරෝධී මත්පැන් තුරන් කිරීමේ වැඩ සටහන යටතේ රාගම පේරලන්ද ප්‍රදේශයේ කළ සෝදිසි මෙහෙයුමකදි වගුරු බිමක ඉතා රහිසිගතව පත්වාගෙන ගිය මත්පැන් නිෂ්පාදනාගාරයක් වටලා රුපියල් ලක්ෂ පහකට වැඩි වටිනා කමකින් යුතු මත්පැන් තොගයක් සමගින් සැකකරුවන් දෙදෙනකු ඊයේ (02)රාත්‍රියේ ගම්පහ සුරාබදු නිලධාරින් අත්අඩංගුවට ගෙන ඇත.


මත්පැන් නිෂ්පාදනාගාරයේ තිබී ගෝඩා ලීටර් 250 ක් දගර, යකඩ හා ප්ලාස්ටික් බැරල් ඇතුළු උපකරණ තොගයක් සොයා ගත් බව ගම්පහ සුරාබදු ස්ථානාධිපති රොහාන් රණසිංහ මහතා පවසයි.
සුරාබදු දෙපාර්තුමේන්තුවට ලද තොරතුරකට අනුව කළ වැටලීමේදී වෙල්යායක් මැදින් ගොස් ඇලකින් එගොඩ වී ගොහුරු මඩ වගුරකින් සමන්විත ස්ථානය ඉතා රහසි ගතව පවත්වාගෙන ගිය මත්පැන් නිෂ්පාදනාගාරය අත්අඩංගුවට ගැනීමට හැකිවී තිබේ. එම අවස්ථාවේ සැකකරුවන් මත්පැන් පෙරමින් සිටි බවද රොහාන් රණසිංහ මහතා පැවසුවේය.
අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනා අද වැලිසර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

සුරාබදු කොමසාරිස් ජෙනරාල් නිශාන්ත ජයවීර මහතාගේ උපදෙස් මත , නියෝජ්‍ය සුරාබදු කොමසාරිස් නීති ක්‍රියාත්මක කිරීම් තිස්ස කුමාර රාජපක්ෂ, නියෝජ්‍ය සුරාබදු කොමසාරිස් මාධ්‍ය ප්‍රකාශක රොෂාන් රණසිංහ,යන මහත්වරුන්ගේ මෙහෙයවීම යටතේ , ගම්පහ සුරාබදු අධිකාරි ප්‍රමේෂ් ප්‍රනාන්දු මහතාගේ අධීක්ෂණය යටතේ ,ගමපහ සුරාබදු ස්ථානධිපති රොෂාන් රණසිංහ මහතා ගම්පහ සුරාබදු නිලධාරීන් හත් දෙනෙකුගේ හා ජාඇල සුරාබදු නිලධාරීන්ගේ සහාය ඇතිව මෙම වැටලිම සිදු කළහ.