Spread the love

මෙරට මුහුදු සීමාව උල්ලංඝණය කළ ඉන්දීය ධීවරයින් 18 දෙනෙකු යාපනය චුන්ඩිකුලම් මුහුදේ දී අත්අඩංගුවට ගෙන ඇත.

එම ධීවරයන් පැමිණි යාත්‍රාවක් ද සිය භාරයට ගත් බවයි නාවික හමුදාව සඳහන් කළේ.

වසරේ මේ දක්වා කාලය තුළ ඉන්දීය ධීවරයින් 515 ක් අත්අඩංගුවට ගෙන ඇති අතර, යාත්‍රා 67ක් ද සිය භාරයට ගෙන ඇති බවයි නාවික හමුදාව වැඩිදුරටත් පැවසුවේ.