Spread the love

.

ශ්‍රී පාදස්ථානයේ ප්‍රතිසංස්කරණ කටයුතු සඳහා බව පවසමින්, යම්කිසි සංවිධානයක් විසින් බැතිමතුන්ගෙන් මුදල් එකතු කිරීමට කටයුතු කරන බැවින් එම සංවිධානවලට මුදල් ලබා දිමෙන් වලකින ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටින බව ශ්‍රී පාදස්ථානාධිපති පූජ්‍ය බෙංගමුවේ ධම්මදින්න නායක හිමි පැවසුහ.

උඳුවප් මස පුන් පොහෝ දිනෙන් ආරම්භ වන ශ්‍රී පාද වන්දනා සමයේදී ශ්‍රී පාදය වෙත පැමිණෙන සියලුදෙනා පරිසරය සුරක්ෂිතව තබාගනිමින් විනීතව හැසිරිය යුතු බවයි ශ්‍රී පාදස්ථානාධිපති පූජ්‍ය බෙංගමුවේ ධම්මදින්න නායක ස්වාමින් වහන්සේ වැඩිදුරටත් සඳහන් කළේ.