Spread the love

2024 අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ අයඳුම්පත් අද (10) මධ්‍යම රාත්‍රී 12න් පසු භාරගැනීමේ කටයුතු අවසන් කෙරෙන බව විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර මහතා පවසයි.

මාර්ගගත ක්‍රමවේදය ඔස්සේ විභාගය සඳහා අයදුම් කිරීම සඳහා විභාග අපේක්ෂකයින් හට පසුගිය නොවැම්බර් 5 වන දා සිට 30 වනදා තෙක් කාලය ලබාදී තිබුණි.

මේ සම්බන්ධයෙන් වැඩිදුරටත් අදහස් දැකු්වු විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර මහතා,

මම සියලූම අපේක්ෂකයින්ගෙන් ඉල්ලා සිටිනවා පාසල් අපේක්ෂකයින්ගෙන් හා පෞද්ගලික අපේක්ෂකයින්ගෙන් අද දිනය ඇතුළත තමන්ගේ අයඳුම්පත් යොමු කරන්න. මොකද කිසිදු හේතුවක් නිසා අද දින මධ්‍යම රාත්‍රී 12න් පසුව අයඳුම්පත්‍ර භාරගැනීමට අවස්ථාවක් ලැබෙන්නේ නෑ. ඒ නිසා මම තදින්ම අවධාරණය කරනවා මේ විභාගයට පෙනී සිටීමට අපේක්ෂා කරන යම් අයෙක් වේනම් රාත්‍රී 12ට පෙර ඔබගේ අයඳුම්පත මාර්ගගත ආකාරයට ඉදිරිපත් කළ යුතුයි. එය විභාග දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවියට පිවිසීමෙන් සම්පුර්ණ කිරීමට අවස්ථාව සලසා දී තිබෙනවා යැයිද පැවුසුවේය.