Spread the love

පෞද්ගලික අංශය මේ දක්වා මෙරටට ආනයනය කර ඇති සහල් ප්‍රමාණය මෙට්‍රික් ටොන් 4,800ක් දක්වා ඉහළ ගොස් ඇති බවරේගු මාධ්‍ය ප්‍රකාශක, අතිරේක රේගු අධ්‍යක්ෂ ජනරාල් සීවලී අරුක්ගොඩ මහතා පවසයි.

පසුගිය 9 වනදා සිට පෙරේදා (14) දක්වා වූ කාලය තුළ එම සහල් තොගය ආනයනය කර තිබේ.

ඊට නාඩු සහල් මෙට්‍රික් ටොන් 3,000ක් සහ සුදු කැකුළු මෙට්‍රික් ටොන් 1,800ක් ඇතුළත් වන බව ඔහු සඳහන් කළේය.

මේ අතර රාජ්‍ය විවිධ නීතිගත සංස්ථාව විසින් ඇණවුම් කරන ලද මෙට්‍රික් 52,000ක සහල් තොගයේ පළමු ඇනවුම ලෙස සහල් මෙට්‍රික් ටොන් 5,200ක් ලබන 19 වනදා මෙරටට ලැබීමට නියමිතව තිබේ.

දිවයින පුරා පිහිටි සතොස හා සමූපකාර අලෙවිසැල් ජාලය හරහා එම සහල් අලෙවි කිරීමට නියමිතය.