Spread the love

මන්ත්‍රීවරුන් සභාවට හඳුන්වාදීමේදී සමාජ මතභේදයට තුඩුදෙන බැවින් වෛද්‍ය, ආචාර්ය, මහාචාර්ය ආදී නාම මුලින් යෙදීම වැළැක්විය යුතු බවට පාර්ලිමේන්තු මන්ත්‍රී දිලිත් ජයවීර මහතා අද පාර්ලිමේන්තුවේදී යෝජනා කළේය.විවිධ වෘත්තීන් නියෝජනය කරන මන්ත්‍රීවරුන් සභා ගැබේ සිටින බවත් ඔවුන්ගේ නම ඉදිරියේ වෘත්තිය සදහන් කිරීමෙන් වැළකිය යුතු බවත් ඔහු පාර්ලිමේන්තුවට පැවසීය.‘වෛද්‍යවරයෙක් රෝහල්වලටත්, ආචාර්යවරයෙක් මහාචාර්යවරයෙක් විශ්වවිද්‍යාලවලටත් අදාළයි. ඒ නිසා මම යෝජනා කරන්නේ ඔවුන්ගේ වෘත්තීන් සභාව තුළ භාවිතා කිරීමෙන් වළකින ලෙසයි’