හැටන් වැවිලි සමාගම යටතේ පාලනය වන වටවල ෂැනන් වතුයායේ සැරිසරන හොදින් වැඩුණු කදුකර කොටියන් සිව්දෙනෙකු හේතුවෙන් තම වතුයායේ සේවය කරන වතු කම්කරුවන්ගේ ජිවිත වලට දැඩි අවධානමක් මතු වි ඇති බව වතු අධිකාරි අර්ජුන මැදගම මහතා පැවසිය.
තේ වත්තේ සැරිසරන එම කදුකර කොටියන් පසුගිය සතිය තුල පමණක් වතු කම්කරුවන් සුරතලේට ඇති කරන සුනඛයින් දස දෙනෙකු පමණ ගොදුරු කරගෙන ඇති බවත්, සුනඛයන් ගොදුරු කරගෙන තේ වත්තට රැගෙන ගොස් සුනඛයාගේ හිස පමණක් ඉතුරු කර ඉතිරි කොටස කා දමන බවයි වතු අධිකාරිවරයා කියා සිටියේ.
කදුකර කොටියන් විසින් තම වතුයායේ වතු කම්කරුවන් සුරතලේට ඇති කරන සුනඛයින් ගොදුරු කරගෙන කා දමා තේ වත්තේ ස්ථාන කිහිපයකම දමා ගොස් තිබු සිරුර කොටස් කිහිපයක්ද වතු කම්කරුවන්ට හමු වි ඇති බවද වතු අධිකාරිවරයා පැවසිය.
තම වතුයායේ තේ කර්මාන්ත ශාලාවේ තේ ඇබරිම් කටයුතු සිදු කිරිම රාත්රි කාලයේ සිදු කරන බවත්, වතු නිවාස වල සිට වතු කම්කරුවන් තේ කර්මාන්ත ශාලාව වෙත තේ වත්ත හරහා පැමිණිමේදි එම සේවකයින්ට කදුකර කොටියන් මුහුණට මුහුණ හමුවන නිසා එයට බිය වි වතු කම්කරුවන් තේ කර්මාන්ත ශාලාවේ දෛනික වැඩකටයුතු වලට පැමිණිමෙන් වැලකි සිටින බවයි වතු අධිකාරිවරයා කියා සිටින්නේ.
වත්තේ පිහිටි තම නිල නිවාසය ඉදිරිපිට දොරකඩ (15) දින රාත්රියේ විශාල සතෙකු නිදාගෙන සිටි බවත්, පසුව විපරම් කර බැලිමේදි එය කදුකර කොටියෙකු බව හදුනාගෙන එම සත්වය පලවා හැරිමට කටයුතු කල බවත්, තම නිල නිවසේ සුරතලේට සුනඛයෙකු ඇති කරන බවත්, එම සුනඛයා දඩයම් කිරිම සදහා කදුකර කොටියා නිල නිවස අසලට පැමිණෙන්නට ඇති බව වතු අධිකාරිවරයා සැකකරයි.
වත්තේ ළිදකට කදුකර කොටියෙකු වැටි මියගොස් සිටි බවත්, වන සතුන් දඩයම් කිරිම සදහා ඇතැම් වතු කම්කරුවන් අටවනු ලබන කම්බි උගුල් වලට මෙම කදුකර කොටියන් හසුවිමේ අවධානමක් පවතින නිසා වත්තේ සැරිසරන කදුකර කොටියන් අසල රක්ෂිතයට පලවා හැරිමට පියවර ගන්නා ලෙස වනජිවි නිලධාරින්ගෙන් වතු අධිකාරිවරයා ඉල්ලා සිටියි.
