Spread the love

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ තුන්වන සමාලෝචනයේදී ඇතිවූ එකඟතා සම්බන්ධයෙන් ජනාධිපති අනුර කුමාර දිසානායක අද (18) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේය..

උපයන විට බදු අය කිරීමේ අවම සීමාව ලක්ෂයේ සිට ලක්ෂ එකහමාර දක්වා වැඩි කිරීමට ජාත්‍යන්තර අරමුදලේ එකඟතාව හිමි වුණා.

6% ක බද්දකට යටත්වන පරිදි පුද්ගලික ආදායම් බද්දේ පළමු කාණ්ඩය රුපියල් ලක්ෂ 05 සිට ලක්ෂ 10 දක්වා ඉහළ නැංවේ.

ලක්ෂ එකහමාරක වැටුපක් ලබා ගන්නා පුද්ගලයෙකුගේ බදු 100% ක් නිදහස්.

රු 200,000ක් වැටුපක් ගන්නා කෙනෙකුගේ බද්ද 71%කින් නිදහස්.

රු 250,000ක වැටුපක් ගන්නා කෙනෙකුගේ බද්ද 61%කින් නිදහස්.

රු 300,000ක වැටුපක් ගන්නා කෙනෙකුගේ බද්ද 47%කින් නිදහස්.

රු 350,000ක් වැටුපක් ගන්නා කෙනෙකුගේ බද්ද 25.5%කින් නිදහස්

දරුවන්ගේ පෝෂණය ඉහළ නැංවීම සඳහා ශ්‍රී ලංකාවේ නිපදවන නැවුම් කිරිවලින් දේශීය නැවුම් කිරි සහ යෝගට් නිෂ්පාදනය සඳහා එකතු කළ අගය මත වන බද්ද නිදහස් කරනවා.

සේවා අපනයන බද්ද 15% ක් දක්වා අඩු කිරීමට එකඟතාවට පැමිණියා.

රඳවා ගැනීමේ බද්ද 5% සිට 10% දක්වා වැඩි කිරීමටත්  එකඟතාව හිමිවුණා.