Spread the love

නිමල් රාජපක්ෂ-

මගී ආරක්ෂාවට ගැලපෙන පරිදි දුම්රිය ස්ථානවල සනීපාරක්ෂක කටයුතු වැඩි දියුණු කිරීමේ ව්‍යාපෘතියක් දුම්රිය දෙපාර්තුමේන්තුව මගින් දියත් කොට තිබේ.

ඒ අනුව කොටුව සහ මරදාන දුම්රිය ස්ථානවල තිබෙන කාන්තා විවේකාගාර වල සනීපාරක්ෂක කටයුතු වැඩි දියුණුකොට ජනතාවට නුදුරේදීම ලබාදීමට පියවර ගන්නා බව දුම්රිය දෙපාර්තුමේන්තුව පවසයි.


රජයේ උපදෙස් මත නවීකරණය කෙරෙන කාන්තා විවේකාගාරවල අංග සම්පුර්ණ සනීපාරක්ෂක කටයුතු වලින් සමන්විත වන අතර කුඩා දරුවන් සදහාද පහසුකම් සපයා තිබේ.


ප්‍රථම අදියර යටතේ කොටුව හා මරදාන දුම්රිය ස්ථාවල කාන්තා විවේකාගාර නවිකරණය කිරීමෙන් අනතුරුවට ඉදිරියේදී පිරිමි විවේකාගාර නවිකරණය කිරිමටද , නුදුරේදීම අනික් දුම්රිය ස්ථාවලද විවේකාරගාර මේ අයුරින් නවිකරණ කිරීමට කටයුතු කරන බවද දුම්රිය දෙපාර්තුමේන්තුව වැඩි දුරටත් පැවසුවේය.