Spread the love

මුල්කිරිගල ගුණරත්න

ක්ලීන් ශ්‍රී ලංකා ව්‍යාපෘතියට සමගාමීව සිදු කරන ලද ශ්‍රමදාන කටයුක්තක් හා නගරයේ පවත්නා තත්ත්වය පිළිබඳව නිරීක්ෂණයක් (31වන දින) හම්බන්තොට දිස්ත්‍රික්කයේ වලස්මුල්ල නගරය කේන්ද්‍ර කර ගනිමින් සිදු විය.

හම්බන්තොට දිස්ත්‍රික්ක පාර්ලිමේන්තු මන්ත්‍රී අරවින්ද සෙනරත් මහතාගේ මෙහෙය වීම යටතේ පැවති මෙම වැඩසටහන සඳහා වලස්මුල්ල ප්‍රාදේශීය ලේකම් කාර්යාලය , වලස්මුල්ල පොලීසිය , වීරකැටිය ප්‍රාදේශීය සභාව වලස්මුල්ල වෙලඳ සංගමය සහ නගරවාසීහු දායකත්වය ලබා දී තිබේ.
මෙම අවස්ථාවට වලස්මුල්ල ප්‍රදේශීය ලේකම් තුමිය , වලස්මුල්ල පොලිස් ස්ථානාධිපතිතුමා ඇතුළු රාජ්‍ය නිලධාරීන් රැසක් සහභාගී වී සිටියහ.